Saturday, April 29, 2017

ආදරේ පෙන්නන්න.......


                 ඔබ නිරීක්ෂණය කර තිබෙනවා ද අපි වඩාත් ම නොසලකා හරින්නේ අප වඩාත් ම ආදරය කරන අය බව? ඔබේ පවුලේ උදවිය සමඟ අඩු වේලාවක් ගත කිරීම ගැන ඔබ තැවෙන්නේ නැහැ. මන්ද ඔබ හිතන්නේ, ”අහ්...... එයාලා හැමදාම, මුළු ජීවිතේ ම අපිත් එක්ක ඉන්න අයනේ ” කියායි. ( එසේත් නැතිනම් ඔබ අනුමාන කරන්නේ එලෙසින්*. ඔබ ආදරය කරන අයට, ඔබ ආදරය පෙන්වීම ඔබ කල් දමන්නේ, ”ඒක දැන් දැන්ම කරන්නේ මොකට ද? එයට තව  ඕන තරම් කල් තියෙන්නේ” යනුවෙන් සිතමින්. නිවසේ අය සමඟ සබඳතාවයන් ඔබ වෙතින් ලිස්සා යන්නේත් ඒ සිතුවිලි තුළින්ම යි. නමුත් ඔබට ඔබේ පවුලට වඩා වැදගත් වෙන යමක් තිබිය හැකි ද? ඔබ සාර්ථක වූවාට ඇති ඵලය කුමක් ද? ඔවුන් නැතිව? මට නම් උතුරා යන බැංකු ගිණුම් සහතිකයකට වඩා මුළු පවුලේ, ප‍්‍රීතිය උතුරන ඡුායාරූපයක් වටිනවා. ඇත්තෙන්ම!  
                  ඉතින්, ගන්න දැන්මම දුරකථනය. අමතන්න ඔබේ ආදරණීයයන්. පවසන්න ඔබ ඔවුන්ට ආදරේ කරන බව! වැඩට යාමට පෙර සිපගන්න ඔබේ ආදරණීය බිරිඳව! හදවතින් ම!! ඔබේ දරුවන් සිප වැළඳගෙන ඔබට ඔවුන්ව ලෝකයට වඩා බව පවසන්න. ඔබේ දරුවන්, ” දරුවන්” වශයෙන් සිටින්නේ ටික කාලය යි. ඒ අවස්ථාව ඔබෙන් ගිලිහී ගියහොත් ගියාමයි. බාල කාලෙ ආයේ එන්නේ නෑ! 

අප වඩාත් ම නොසලකා හරින්නේ අප වඩාත් ම ආදරය කරන අයවමයි.

3 comments: