Thursday, August 3, 2017

මාවතේ දරුවෝ............


හඬන කලට අඳුරු අහස ...
ගොරවාගෙන ගොම්මනේ..
වැහි පින්නට එරෙහි වෙන්න ..
ගුලි  වී  ගෙන කඩ පිලේ.. 

බත් ඉල්ලන නමුදු කුසට ...
දිය පුරවාගෙන අනේ...
රෑ හීනෙන් උණුබත් වල...
රහ බැලුවද පැටව්නේ...

අම්ම අප්පා,කොයි ලෝකෙද ...
නොදැන ඉපිද මාවතේ..
යන එන දන ගෙන් අහරක්..
යාදින හැටි  දරුවනේ..

වැරහැලි කඩමලු හැදගෙන..
කඳුළු පුරන් ඇස් දෙකේ...
මේ හැටි බර උහුල ගන්න...
සවි කොයින්ද හදවතේ....

උපුටා ගැනීමකි.....

No comments:

Post a Comment