Saturday, April 29, 2017

එයා තමයි.....



ඒ තරම් ආදරේ පිරුණු ඇස් දෙකක්
ඒ උණුසුම තරම් උණුසුමක්
මට දැනිලා නෑ
මං වෙනුවෙන් කරපු කැප කිරීම්
හිතාගන්න බෑ

සමහර දවස්වල එයා
මං හිතුවෙවත් නැති විදිහට මාව පුදුම කළා
මං සතුටින් හිනාවෙද් දි
එයා බලා හිටියේ හරි....ම ආසාවෙන්
අනිත් අයට කොහොම පෙනුනත්
මං එයාව දැක්කේ රජෙක් වගේ
එයා තමයි...
එයා තමයි
මගේ
    තාත්තා.......

ආදරේ පෙන්නන්න.......


                 ඔබ නිරීක්ෂණය කර තිබෙනවා ද අපි වඩාත් ම නොසලකා හරින්නේ අප වඩාත් ම ආදරය කරන අය බව? ඔබේ පවුලේ උදවිය සමඟ අඩු වේලාවක් ගත කිරීම ගැන ඔබ තැවෙන්නේ නැහැ. මන්ද ඔබ හිතන්නේ, ”අහ්...... එයාලා හැමදාම, මුළු ජීවිතේ ම අපිත් එක්ක ඉන්න අයනේ ” කියායි. ( එසේත් නැතිනම් ඔබ අනුමාන කරන්නේ එලෙසින්*. ඔබ ආදරය කරන අයට, ඔබ ආදරය පෙන්වීම ඔබ කල් දමන්නේ, ”ඒක දැන් දැන්ම කරන්නේ මොකට ද? එයට තව  ඕන තරම් කල් තියෙන්නේ” යනුවෙන් සිතමින්. නිවසේ අය සමඟ සබඳතාවයන් ඔබ වෙතින් ලිස්සා යන්නේත් ඒ සිතුවිලි තුළින්ම යි. නමුත් ඔබට ඔබේ පවුලට වඩා වැදගත් වෙන යමක් තිබිය හැකි ද? ඔබ සාර්ථක වූවාට ඇති ඵලය කුමක් ද? ඔවුන් නැතිව? මට නම් උතුරා යන බැංකු ගිණුම් සහතිකයකට වඩා මුළු පවුලේ, ප‍්‍රීතිය උතුරන ඡුායාරූපයක් වටිනවා. ඇත්තෙන්ම!  
                  ඉතින්, ගන්න දැන්මම දුරකථනය. අමතන්න ඔබේ ආදරණීයයන්. පවසන්න ඔබ ඔවුන්ට ආදරේ කරන බව! වැඩට යාමට පෙර සිපගන්න ඔබේ ආදරණීය බිරිඳව! හදවතින් ම!! ඔබේ දරුවන් සිප වැළඳගෙන ඔබට ඔවුන්ව ලෝකයට වඩා බව පවසන්න. ඔබේ දරුවන්, ” දරුවන්” වශයෙන් සිටින්නේ ටික කාලය යි. ඒ අවස්ථාව ඔබෙන් ගිලිහී ගියහොත් ගියාමයි. බාල කාලෙ ආයේ එන්නේ නෑ! 

අප වඩාත් ම නොසලකා හරින්නේ අප වඩාත් ම ආදරය කරන අයවමයි.

ප‍්‍රසිද්ධ රහසක්


සෑම මනුෂ්‍යයෙක් ම ජීවත් වෙන්නේ , ජීවත් කරවන්නේ බලාපොරොත්තුවලින්. ඒ බලාපොරොත්තුවලට හීන කියලත් කියනවා. අපේ හිතින් අපට ඒ හීන දකින්න පුළුවන්. සමහර මනෝ විද්‍යාඥයින් කියනවා අපේ බලාපොරොත්තු හීන විදිහට හිතින් දකින එක අපේ බලාපොරොත්තු, අපේ හීනවලට අපිව අරන් යන්න උදව් වෙනවා කියලා. ඒත් හැමෝටම ජීවත් වෙලා ඉන්න ටික කාලෙ දී තමන් කැමති බලාපොරොත්තුවලට යන්න බැරි වෙනවා. සමහරු කියන්නේ එහෙම වෙන්නේ දෛවයේ ඉරණමේ ලියවිලා තියෙන විදිහටලූ.......

එහෙනම් මෙහෙම වුනේ කොහොම ද........????????



මේ හැම කෙනෙක්ට ම උපතින් ම තමන්ගේ හීනවලට යන්න ඉරණමවත් දෛවයවත් කිසිම දෙයක් දීලා තිබුණේ නෑ. ඒත් ඔවුන්ගේ උත්සහය, අධිෂ්ඨානය ඔවුන්ව ඒ බලාපොරොත්තු , හීනවලට අරන් ගියා..