Thursday, August 3, 2017

අනිවාර්යෙන්ම නැරඹීය යුතු වීඩියෝවක්

මාවතේ දරුවෝ............


හඬන කලට අඳුරු අහස ...
ගොරවාගෙන ගොම්මනේ..
වැහි පින්නට එරෙහි වෙන්න ..
ගුලි  වී  ගෙන කඩ පිලේ.. 

බත් ඉල්ලන නමුදු කුසට ...
දිය පුරවාගෙන අනේ...
රෑ හීනෙන් උණුබත් වල...
රහ බැලුවද පැටව්නේ...

අම්ම අප්පා,කොයි ලෝකෙද ...
නොදැන ඉපිද මාවතේ..
යන එන දන ගෙන් අහරක්..
යාදින හැටි  දරුවනේ..

වැරහැලි කඩමලු හැදගෙන..
කඳුළු පුරන් ඇස් දෙකේ...
මේ හැටි බර උහුල ගන්න...
සවි කොයින්ද හදවතේ....

උපුටා ගැනීමකි.....

Friday, July 28, 2017

වටිනාකම



දිනක් යන විට මා පාරේ
සිනාසුනා කතක්
පවසා යමක්
තවත් කතකට
සිතුනි අසන්නට මටත්
හේතු කිම දැයි කියා
ගැහෙන හඳින් ළං වූ මා
ඇසුවෙමි  කිම දැයි කියා
කට පෙරලා ඒ මේ අත
ලොකු කරලා ඇස් ගෙඩි දෙක
”බලන්න මිස්ටර් අර `ගිගනා කියන කතා
වටිනවලූ උගේ තාත්තා ලියපු පෑන
මගේ පපා දුන් ඩයමන්ඞ් මාලෙට වඩා”

Wednesday, July 12, 2017

සාර්ථක මිනිසුන්

x සෑම දිනකම අලූත් දෙයක් ඉගෙන ගැනීමට වෙර දරයි.       
x අනෙකාට සමාව දෙයි                                
x වෙනස්වීම්වලට ප‍්‍රිය කරයි. ඒවා ආදරයෙන් වැළඳ ගනී. 
x තමන් අතින් සිදු වූ වැරදීම්වල වගකීම භාරගනු ලැබේ.
x අනෙකාගේ සාර්ථකත්වයට උදවු කරයි.    
x අදහස් ගැන කතා කරයි.    




අසාර්ථක මිනිසුන්

x තමන් සියල්ල දනී යැයි සිතයි
x අමනාපකම් හිත පතුලේ ඉතිරි කර ගනී
x වෙනස්වීම්වලට බයක් හා අකමැත්තක් දක්වයි.
x තමන් අතින් සිදු වූ වැරදීම්වලට අන් අයට චෝදනා කරයි.
x අනෙකා අසාර්ථක වේ නම් ඉතා සතුටු වේ. ඒ සඳහා  ඕනෑම දෙයක් කරයි.
x මිනිසුන් ගැන කතා කරයි.